ළහිරු කුමාර ටෙස්ට් තරගාවලියෙන් ඉවතට

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට බංග්ලාදේශය සමග මේ දිනවල පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී යළි පන්දු යැවීමේ අවස්ථාව සහ ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, පළමු ටෙස්ට් තරගය අතරතුර දී ඔහු පාදයක ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ඊයේ පස්වරුවේ දී ඔහු වෛද්‍ය පරීක්ෂණයක් සදහා ද යොමු කර තිබූ අතර, එහි ප්‍රතිපල අනුව තීරණය කර ඇත්තේ ළහිරු කුමාරට විවේක ගැනීමට සිදු වන බවටයි.

ඔහු පළමු ඉනිමේ දී පන්දුවාර 28ක් යැවූ අතර, එහිදී ලකුණු 88කට එක් කඩුල්ලක් බිද හෙලීමට සමත් වුණා.

පසුගිය මාස 5ක කාලය තුළ ළහිරු කුමාරට ආබාධයක් හේතුවෙන් ටෙස්ට් තරගයක් අවසන් කිරීමට නොහැකි වූ දෙවැනි අවස්ථාව මෙයයි.

පසුගිය වසර අවසානයේ දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හි පැවැති බොක්සිං දින ටෙස්ට් තරගයේ දී ද ඔහු මෙලෙස ආබාධයකට ලක්වුණා.

ඉන් අනතුරුව කොරෝනා වෛරසය ද ආසාදනය වීම හේතුවෙන් ළහිරු කුමාරට කොදෙව් ටෙස්ට් තරගාවලියට ද එක්වීමට නොහැකි වූ අතර, සෙන්චූරියන්හි පැවැති ටෙස්ට් තරගයෙන් අනතුරුව ඔහු ක්‍රීඩා කළ පළමු ජාත්‍යන්තර තරගය මෙයයි.

ළහිරු කුමාර ආබාධයකට ලක්වීමත් සමග බංග්ලාදේශයට එරෙහි පළමු තරගයේ දෙවැනි ඉනිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු යැවීම සදහා යොදා ගැනීමට සිදු වන්නේ ප්‍රධාන පන්දු යවන්නන් තිදෙනෙකු පමණයි.

සුරංග ලක්මාල්, විශ්ව ප්‍රනාන්දු සහ වනිදු හසරංග එම ප්‍රධාන පන්දු යවන්නන් තිදෙනා වන අතර, ධනංජය ද සිල්වා සහ ඇන්ජෙලෝ මැතිව්ස්ට ද පන්දු යැවීමෙන් කණ්ඩායමට දායකත්වය ලබා දීමේ හැකියාව පවතිනවා.

දෙවැනි ටෙස්ට් තරගය සදහා ළහිරු කුමාර වෙනුවට වේග පන්දු යවන්නෙකු යොදා ගැනීමට අවශ්‍ය වුවහොත් ශ්‍රී ලංකා සංචිතය සතුව අසිත ප්‍රනාන්දු සහ නවක ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක පසුවනවා.

එමෙන්ම නවක දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ද ශ්‍රී ලංකා සංචිතයේ රැදී සිටින බැවින් දෙවැනි ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාව දග පන්දු යවන්නන් කෙරෙහි වැඩි විශ්වාසයක් තබා තරග කරන්නේනම් ඔහුට ද ටෙස්ට් වරම් දිනා ගැනීමේ අවස්ථාවක් හිමි වීමට ඉඩ තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...