දිමුත්ගේ 200 හා ධනංජයගේ ශතකය හමුවේ බංග්ලාදේශය අසරණ වෙයි – Day 4 Report

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද(24) නිමා වුණේ දිමුත් කරුණාරත්නගේ සහ ධනංජය ද සිල්වාගේ සුපිරි පිතිහරඹය හමුවේ සිව්වැනි දිනයේ සියලු ගෞරව ශ්‍රී ලංකාව වෙත හිමි කර දෙමින්.

අද දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු කඩුල්ලක් දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් නොවූ අතර, අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් අද දිනය සදහා තරගය නියමිත වේලාවට පෙර නිමා කරන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 512ක් ලබා සිටියා.

අයහපත් ආලෝක තත්ත්වය නිසා අද දිනයේ දී පන්දුවාර 22ක් ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ නැහැ.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින දිමුත් කරුණාරත්න අද සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීම විශේෂත්වයක්.

ඔහු ලකුණු 234ක් නොදැවී රැස් කර ගෙන සිටින්නේ හතරේ පහර 25ක් සමගින්.

දිමුත්ට අනගි සහායක් ලබා දෙමින් පන්දුවට පහර දෙමින් සිටින ධනංජය ද සිල්වා සිය 7 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් හතරේ පහර 20ක් සමගින් නොදැවී රැස් කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 154ක්.

ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් මේ වන විට ලකුණු 322ක නොබිදුණු සබදතාවයක් ගොඩ නැගී තිබෙනවා.

එය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති ටෙස්ට් තරගයකදී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම ලකුණු සබදතාවය වීම විශේෂත්වයක්.

මීට පෙර කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන විසින් එම වාර්තාවට හිමිකම් කියා තිබුණේ 2007 වසරේ දී තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 311ක සබදතාවයක් ගොඩ නගමින්.

එමෙන්ම දිමුත් සහ ධනංජය වාර්තා කළ නොබිදුණු සබදතාවය ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු අතර සිව්වැනි කඩුල්ල සදහා වාර්තා වූ දෙවැනි ඉහළම ලකුණු සබදතාවය ද වනවා.

ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ ළහිරු තිරිමාන්න ලකුණු 58කට දැවී ගිය අතර, ඕෂද ප්‍රනාන්දු ලකුණු 20කටත්, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 25කටත් දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුණා.

පන්දු යැවීමේ දී ටස්කින් අහ්මඩ්, මෙහිදි හසාන් මිරාස් සහ ටයිජුල් ඉස්ලාම් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය කඩුලු 7ක් දැවී ලකුණු 541ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 29ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...