“මම තාක්ෂණික වෙනස්කම් දෙක තුනක් කරා” – තිරිමාන්න

Date:

බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය පුරා පිතිකරණයේ නිරත වීම තම කණ්ඩායමේ අරමුණ බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න පවසනවා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ තෙවැනි දිනය(23) අවසානයේ පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු ඒ බව සදහන් කළා.

කෙසේ වුවත්, මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වනු ඇති බවටයි ඔහු විශ්වාසය පල කරන්නේ.

තමා සහ දිමුත් කරුණාරත්න වයස අවුරු 15න් පහල සිට එක්ව ක්‍රීඩා කරන බැවින් දෙදෙනාට දෙදෙනා පිළිබද හොද අවබෝධයක් පවතින බව ද තිරිමාන්න මෙහිදී අවධාරණය කළා.

නවක පිතිකරුවන් කණ්ඩායමේ සිටින බැවින් තමා සහ දිමුත්ගේ වගකීම වී ඇත්තේ එම ක්‍රීඩකයින්ට පීඩනයකින් තොරව පිතිකරණයේ නිරත වීමට හැකි පදනමක් ඉනිමට ලබා දීම බවයි ඔහු සදහන් කළේ.

මේ අතර, ළහිරු තිරිමාන්න පසුගිය තරග කිහිපයේ දී ම අඛණ්ඩව ලකුණු අතරට පිවිසීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ තවත් පැනයකට පිළිතුරු ලබා දෙමින් තිරිමාන්න කියා සිටියේ තමා තාක්ෂණික අංශයෙන් වෙනස්කම් කිහිපයක් මේ වන විට සිදු කර ඇති බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...