මුම්බායි පරදා පංජාබ් කණ්ඩායමට කඩුලු 9ක ජයක් – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වන තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා කඩුලු 9ක ජයක් වාර්තා කිරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම අද(23) සමත් වුණා.

චෙන්නායිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පංජාබ් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 6ක් දැවී ලකුණු 131ක් ලබා ගනිමින්.

නායක රෝහිට් ෂර්මා පන්දු 52කින් ලකුණු 63ක් රැස් කළා.

හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

සූර්යකුමාර් යාදෙව් ලකුණු 33කට දැවී ගිය අතර, කිරන් පොලාඩ් නොදැවී ලකුණු 16 යි.

පන්දු යැවීමේ දී මොහොමඩ් ෂාමි සහ රවී බිෂ්නොයි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කණ්ඩායම පන්දුවාර 17.4ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.(132/1)

නායක කේ.එල් රාහුල් නොදැවී ලකුණු 60ක් ලබා ගත් අතර, ක්‍රිස් ගේල් නොදැවී ලකුණු 43යි.

රාහුල්ගේ ඉනිම හයේ පහර 3කින් සහ හතරේ පහර 3කින් වර්ණවත් වුණා.

මයාන්ක් අගාර්වල් ලකුණු 25යි.

පංජාබ් කිංග්ස් කණ්ඩායම මේ වන විට මෙවර තරග වාරය යටතේ ක්‍රීඩා කළ තරග 5න් තරග 2ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 4ක් හිමි කර ගෙන ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානයේ රැදී සිටිනවා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ද සහභාගී වූ තරග පහෙන් තරග 2ක් ජය ගෙන ඇති අතර, ඔවුන්ට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ 4 වන ස්ථානයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...