වසර 8 ක් පැරැණි ගේල් – ඩිල්ෂාන් වාර්තාව බිඳ වැටෙයි

Date:

ඉන්දිය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක කඩුල්ල සදහා වන ඉහළම ලකුණු සබදතාව වාර්තා කිරීමට සුපිරි පිතිකරු විරාට් කෝලි සමගින් යොවුන් ක්‍රීඩක දෙව්දත් පඩික්කල් ඊයේ(22) සමත්වුණා.

ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පැවැති තරගයේ දී යි.

එහිදී දෙව්දත් පඩික්කල් සිය මංගල අයි.පී.එල් ශතකය වාර්තා කිරීමද විශේෂත්වයක්.

මුම්බායි හී වැන්කඩේ ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් බැන්ගලෝර් නායක විරාට් කෝලි ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 177 ක් රැස් කළා.

රාජස්තාන් කණ්ඩායම වෙනුවෙන් ශිවම් ඩූබේ පන්දු 32 කදී ලකුණු 46 ක් ලබා ගත් අතර, රාහුල් තේවටියා පන්දු 23 කදී ලකුණු 40 ලබා ගත්තා.

රියාම් පරාග් පන්දු 16 කදී ලකුණු 25 ක් රැස්කළා.

සෙසු කිසිදු පිතිකරුවෙකුවටත් සාර්ථක වීම සදහා බැංගලෝර් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමෙදී හර්ෂාල් පටෙල් හා මොහොමඩ් සිරාජ් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා.

ලකුණු 178 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායම පන්දුවාර 16 යි පන්දු 3 ක් තුළ කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රහණය වාර්තා කළා.

දෙව්දත් පඩික්කල් පන්දු 52 කදී නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 101 ක්.

විරාට් කෝලි පන්දු 47 කදී නොදැවී රැස්කළ ලකුණු 72 ක ඉනිමත් සමගින් ආරම්භක කඩුල්ලේ සබදතාව ලකුණු 181 ක් ලෙසයි සටහන් වුණේ.

එම සබදතාවයත් සමග බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක කඩුල්ල සදහා පිහිටුවා තිබූ වසර 8 ක් පැරැණි වාර්තාවක් බිද වැටුණා.

මීට පෙර ක්‍රිස් ගේල් සහ තිලකරත්න ඩිලාෂාන් 2013 වසරේ දී එම කණ්ඩායම වෙනුවෙන් පළමු කඩුල්ල සදහා ලකුණු 167 ක සබදතාවයක් ගොඩ නගමින් පළමු කඩුල්ල සදහා වන හොදම සබදතාවයේ වාර්තාව පිහිටුවා තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...