“මෙයාව ගුවන් යානයෙන් එළියට විසි කරන්න” : කෝලි ගුවන් යානයේ දී කරන්න ගිය දේ

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ තරග 12ක් අද වන විට පවත්වා අවසන්ව තිබෙනවා.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට විරාට් කෝලි නායකත්වය දරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හෙවත් RCB කණ්ඩායම සමත්ව ඇත්තේ ක්‍රීඩා කළ තරග 3ම ජය ගනිමින්.

සියලු කණ්ඩායම් තරග 3 බැගින් ක්‍රීඩා කර ඇති අතර, එම තරග 3ම ජය ගත් එකම කණ්ඩායම වන්නේ ද බැංගලෝර් කණ්ඩායමයි.

මෙතෙක් චෙන්නායිහී දී තරග වැදුණු බැංගලෝර් කණ්ඩායම මේ වන විට මුම්බායි වෙත පිටත්ව ගොස් ඇත්තේ ඉදිරි තරග සදහා ක්‍රීඩා කිරීමේ අරමුණින්.

එම ගුවන් ගමන අතරතුර සිදු වූ අපූර්ව සිදුවීමකට අදාළ වීඩියෝ දර්ශන RCB කණ්ඩායම සිය නිල ට්විටර් ගිණුමේ පල කර තිබෙනවා.

එම කණ්ඩායම සමග රැදී සිටින නෑග්ස් (Mr. Nags) නමින් හදුන්වනු ලබන පුද්ගලයා සහ ක්‍රීඩකයින් අතර ඇති වූ සංවාදයක් මෙම වීඩියෝවට ඇතුළත්.

“මෙම ගුවන් ගමනට මිනිත්තු 90ක කාලයක් ගත වෙනවා. අපි ඊට වඩා වැඩි කාලයක් ගත්තොත්, අපේ නායකයාට දඩ පනවාවි. ඔහු එයට පුරුදු වී සිටියි.” යනුවෙන් එම පුද්ගලයා විනෝදනක ලෙස සදහන් කර සිටියේ නියමිත කාලයට පන්දුවාර යවා නිම නොකිරීම හේතුවෙන් පනවනු ලබන දඩ මුදල් පිළිබද ඉගි කරමින්.

“හදිසි අවස්ථාවකදී ඒ.බී (ඩිවිලියස්) මත පමණක් යැපෙන්න එපා, ඔබත් මොනවහරි කරන්න” යනුවෙන් ද Mr. Nags පවසා සිටියා.

අනතුරුව ඔහු නායක විරාට් කෝලිට සහ පුහුණුකරු මයික් හෙසන්ට සදහන් කර සිටියේ මේ වන විට RCB කණ්ඩායම තරගාවලියේ පෙරමුණ ගෙන සිටින බැවින් තරගාවලියෙන් ඉවත් වීම සිදු කළ යුතු බවයි.

“විරාට්, අපි යමු බැංගලෝරයට. අපි අංක එක. අපි හැර දාලා යමු, අවසන් කරමු. මෙය අපිට නිරතුරුවම වෙන දෙයක් නෙවෙයි, හැර යමු.”

ඊට නායක විරාට් කෝලි හාස්‍යජනක ලෙස දැක් වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

“මෙයාව ගුවන් යානයෙන් එළියට විසි කරන්න”

අදාළ වීඩියෝව නිමා වූයේ එම පුද්ගලයාව ගුවන් යානයේ නානකාමරයක සිර කරන දර්ශනයක් සමගින්.

බැංගලෝර් කණ්ඩායම මෙවර තරග වාරය යටතේ ක්‍රීඩා කරන මීළග තරගය එළඹෙන 22 වනදා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...