පන්දු රකින්නෙකු පිත්ත සමග දිව යද්දී පිත්ත නොමැති බ්‍රාවෝ ලකුණු දෙකක් දිව ගිය හැටි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යනු පුවත් මවන තරගාවලියක් බව නොරහසක්.

තරගාවලියේ තරග ප්‍රතිපල දෙස මෙන්ම තරග අතරතුර සිදු වන විවිධ සිදුවීම් සම්බන්ධයෙන් ද ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ දැඩි අවධානයක් යොමු වන ආකාරය නිරතුරුවම දක්නට ලැබෙනවා.

එවැනි සිදුවීමක් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර අද(19) පැවැති තරගයේ දී ද දැකගත හැකි වුණා.

මුම්බායි හි පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 188ක් රැස් කළා.

ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේ පන්දුවට පහරදීමට පැමිණි ඩ්වේයන් බ්‍රාවෝ පන්දු 8කින් ලකුණු 20ක් ලබා ගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමගින්.

එක් අවස්ථාවක ඔහු එල්ල කළ පහරකින් අනතුරුව පන්දුව මෙන්ම පිත්තද ඉහළින් ඇදී යාමත්, එම අවස්ථාවේ දී ලකුණු දෙකක් කරා බ්‍රාවෝ දිව ගිය ආකාරයත් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගෙන ඇති බවක් දක්නට ලැබෙනවා.

පන්දුව ඉතා ඉහළ ගියද එය උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට කිසිවෙකුටත් නොහැකි වූ අතර, පිත්ත නොමැතිව දිව ගිය බ්‍රාවෝ දුවද්දී දවා ගැනීමට ද රාජස්ථාන් පන්දු රකින්නන්ට හැකි වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...