දිල්ලි කැපිටල්ස් තවත් කොවිඩ් 19 අර්බුදයක

Date:

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම යළිත් වරක් කොරෝනා වෛරසයේ (කොවිඩ් 19) අවධානමට ලක්ව ඇති බව වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ එම කණ්ඩායම වෙනුවෙන් මෙවර අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා පැමිණි දකුණු අප්‍රිකාවේ අන්රිච් නොකියා මුහුුණ දුන් එක් වෛද්‍ය පරික්ෂණයකදී ඔහුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට අණාවරණය වී ඇති බවයි.

ඔහු ඉන්දියාවට පැමිණීමේ දී සිදු කළ වෛද්‍ය පරීක්ෂණයේ දී කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවට පළමුව අණාවරණය වී තිබුණා.

ඉන් අනතුරුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකදී මෙලෙස ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව හදුනා ගෙන ඇතත්, පසුව සිදු කළ තවත් වෛද්‍ය පරීක්ෂණයකදී  ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට අණාවරණය වී තිබෙනවා.

අන්රිච් නොකියා තවත් වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කර ඇති අතර, එහි ප්‍රතිපල අද(14) දිනයේ දී ලැබීමට නියමිත බව සදහන්.

මීට පෙර දිල්ලි කණ්ඩායමේ අක්සාර් පටෙල්ට ද වෛරසය ආසාදනය වී තිබූ අතර, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ දෙව්දත් පඩික්කල් සහ ඩැනියල් සෑම්ස් යන ක්‍රීඩකයින්ට ද වෛරසය ආසාදනය වී ඇති බව හදුනා ගෙන තිබුණා.

එමෙන්ම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ කඩුලු රකින උපදේශක Kiran More ට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගැණුනා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...