මුම්බායි කණ්ඩායමට පෙරළිකාර ජයක් – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති 5 වන තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හමුවේ ලකුණු 10ක අනපේක්ෂිත පරාජයක් අත්කර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට අද(13) සිදු වුණා.

චෙන්නායිහි පැවැති තරගය ජය ගැනීම සදහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ලකුණු 153ක ඉලක්කයක් පමණක් හිමි වූ නමුත්, ඔවුන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 142ක් පමණයි.

පළමු කඩුල්ලට පන්දුවාර 8.5ක් තුළ ලකුණු 72ක සබදතාවයක් ගොඩ නැගීමට නිටිෂ් රානා සහ ෂුබ්මන් ගිල් සමත් වූ පසුබිමකයි කොල්කටා කණ්ඩායම මෙම තරගය පරාජයට පත් වුයේ.

රානා ලකුණු 57ක් සහ ජිල් ලකුණු 33ක් රැස් කළ නමුත්, මැද පෙල පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිහරඹය හේතුවෙන් තරගය ජය ගැනීම සදහා තිබූ පහසු අවස්ථාවක් කොල්කටා කණ්ඩායමෙන් ගිලිහී ගියා.

ආරම්භක පිතිකරුවන් හැරුණු විට සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කර යාමට හැකියාව ලැබුණේ නැහැ.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ රාහුල් චහාර් ලකුණු 27කට කඩුලු 4ක් බිද හෙලමින් මුම්බායි කණ්ඩාමට තරගය ජය ගැනීම සදහා අවශ්‍ය මග සකස් කර දුන් අතර, කෘනල් පාන්ඩ්යා සිය පන්දුවාර 4 තුළ ලකුණු 13කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 27කට බිද හෙලූ කඩුලු සංඛ්‍යාව 2ක්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලකුණු 152ක් රැස් කළා.

සූර්යකුමාර් යාදෙව් ලකුණු 56ක් ලබා ගත් අතර, නායක රෝහිට් ෂර්මා ලකුණු 43ක් ලබා ගත්තා.

ක්‍රිස් ලින් වෙනුවට මෙම තරගය සදහා කැදවූ ක්වෙන්ටන් ඩී කොක් ලබා ගත්තේ ලකුණු 2ක් පමණයි.

ඇන්ඩ්‍රි රසල් පන්දුවාර 2ක් පමණක් යවා ලකුණු 15කට කඩුලු 5ක් බිද හෙලීමට සමත් වුණා.

තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ රාහුල් චහාර්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...