බංග්ලාදේශ පිල අද දිවයිනට, “ඔවුන් එහෙට වඩා මෙහෙ ආරක්ෂිතයි” – SLC

Date:

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය ආරම්භ කරමින් අද(12) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

මෙම තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර, පළමු තරගය ලබන 21 වනදා පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීම සදහා නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද දිනයේ දී රැස්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට පැතුම් නිස්සංක සහ ලසිත් ඇඹුල්දෙණිය ආබාධයන්ට ලක්ව සිටින බැවින් ඔවුන්ගේ සහභාගීත්වය මෙම තරගාවලිය සදහා පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක බව සදහන්.

කෙසේ වෙතත්, පෞද්ගලික හේතුවක් මත කොදෙව් තරග සංචාරය අතරමගදී යළි දිවයිනට පැමිණි ඇන්ජෙලෝ මැතිව්ස් මෙම තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

බංග්ලාදේශය තුළ කොරෝනා වංසගතයේ ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතින තත්ත්වයක් මතයි මෙම තරගාවලිය සංවිධාන කර ඇත්තේ.

එරට තුළ පවතින කොරෝනා වසංගතය හේතුවෙන් පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය ද පසුගියදා අත්හිටුවීමට පියවර ගැණුනා.

කෙසේ වෙතත්, බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම එරටට වඩා ශ්‍රී ලංකාවේ දී ආරක්ෂා සහිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරන කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...