IPL 3 වැනි තරගයේ ජය තහවුරු කරමින් නයිට් රයිඩර්ස් කණ්ඩායම 100 වැනි ජය ලබයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 3 වන තරගයෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පරදා ලකුණු 10ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද(11) සමත් වුණා.

චෙන්නායිහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 187ක් ලබා ගත්තා.

නිටිෂ් රානා පන්දු 56කින් ලකුණු 80ක් රැස් කළේ හයේ පහර 4ක් සහ හතරේ  පහර 9ක් සමගින්.

රාහුල් ට්‍රිපාති ලකුණු 53ක් සහ දිනේෂ් කාර්තික් නොදැවී ලකුණු 22ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මොහොමඩ් නබී සහ රෂීඩ් ඛාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිදරාබාද් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසන් කිරීමට සිදු වූයේ කඩුලු 5ක් දැවී ලකුණු 177ක් ලබා ගනිමින්.

ආරම්භක පිතිකරුවන් වූ ඩේවිඩ් වෝනර් ලකුණු 3කටත්, ව්රිද්ධිමන් සහා ලකුණු 7කටත් දවා ගනිමින් කොල්කටා පන්දු යවන්නන් හයිදරාබාද් ඉනිමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් වුණා.

ජොනී බෙයාර්ස්ටව් ලකුණු 55ක් සහ මනීෂ් පාන්ඩේ නොදැවී ලකුණු 61ක් ලබා ගත්ත ද තරගයේ ජයග්‍රහනය හයිදරාබාද් කණ්ඩායමට හිමි කර දීමට තරම් එය ප්‍රමාණවත් වූයේ නැහැ.

බෙයාර්ස්ටව්ගේ සහ පාන්ඩේගේ ඉනිම්වලට හයේ පහර 3 බැගින් ඇතුළත්.

පන්දු යැවීමේ දී ප්‍රසිද් ක්‍රිෂ්නා කඩුලු 2ක් දවා ගත් අතර, ශකිබ් අල් හසාන්, ඇන්ඩ්‍රි රසල් සහ පැට් කමින්ස් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

මෙය අයි.පී.එල් තරගාවලි ඉතිහාසයේ දී කොල්කටා කණ්ඩායම ජය ගත් 100 වැනි තරගය වීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...