පුහුණුකරුවන්ගේ දැනුම වැඩි කර ගැනීමට අධ්‍යාපන යෙදුම ඔස්සේ පුහුණුකරණ පාඨමාලාවක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණුකරුවන්ගේ අධ්‍යාපන අංශය විසින් හඳුන්වාදී ඇති ‘පුහුණුකරණ අධ්‍යාපන යෙදුම’ හෙවත් ‘Digital App’ ඔස්සේ පුහුණුකරුවන්ගේ දැනුම වැඩි කර ගැනීම සදහා ඉහළ ප්‍රමිතියෙන් යුතු පුහුණුකරණ පාඨමාලාවක් එළි දක්වා තිබෙනවා.

මෙම ඉහළ ප්‍රමිතියෙන් යුතු පාඨමාලාව, පුහුණුකරුවන්ගේ අධ්‍යාපන අංශය යටතේ සිටින පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනයට සහාය වීම සදහා භාවිතා කරනු ලබන ඩිජිටල් උපායමාර්ගයන්හි ප්‍රධාන අංගයක් ලෙස හැඳින්විය හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අනුව ’පුහුණුකරණ අධ්‍යාපන යෙදුම’ට ප්‍රවේශ වීම හරහා එහි අන්තර්ගත කර ඇති පුහුණු කිරීම් සම්බන්ධ තොරතුරු භාවිතා කර පුහුණුකරණය පිළිබඳ ඉහළ දැනුමක් ලබා ගැනීමේ අවස්ථාව පුහුණුකරුවන්ට හිමිවනු ඇති.

පුහුණු කිරීම් සම්බන්ධයෙන් උසස් තත්ත්වයෙන් යුතු වීඩියෝ පට රැසක් මෙම යෙදුමට ඇතුළත් කර තිබෙනවා.

ඉහළ දක්ෂතා කේන්ද්‍රයේ පුහුණුකරුවන් විසින් ඉදිරිපත් කර ඇති වීඩියෝ පටවලට අමතරව මානසික කුසලතා වැඩි දියුණු කිරීම, ක්‍රීඩාව පිළිබඳ හැඟීම දියුණු කිරීම, ක්‍රීඩක කේන්ද්‍රීය පුහුණුව සහ නිපුණතා සංවර්ධනය සම්බන්ධ වූ වීඩියෝ මෙහි අන්තර්ගත කර ඇති බව සදහන්.

නිපුණතා සම්බන්ධ වීඩියෝ පට සහ පුහුණු සම්පත් ඇතුළත් පුහුණුකරණය සඳහා අවශ්‍ය දැනුම වැඩි කර ගැනීම වෙනුවෙන් වූ නව අන්තර්ගතයන් සෑම මාසයක් පාසාම මුදා හැරීමට ද පුහුණුකරුවන්ගේ අධ්‍යාපන අංශය කටයුතු කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...