දවාන් සහ ප්‍රිත්විගේ සුපිරි ආරම්භය හමුවේ CSK පරදා දිල්ලියට විශිෂ්ඨ ජයක්

Date:

ප්‍රිත්වි ෂෝගේ සහ ශිකර් දවාන්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති දෙවැනි තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

රිෂාබ් පාන්ට් පළමුවරට දිල්ලි කණ්ඩායමට නායකත්වය ලබා දුන් මෙම තරගයෙන් ඔවුන් ජය වාර්තා කළේ කඩුලු 7කින්.

මුම්බායිහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 188ක් රැස් කළා.

පසුගිය තරග වාරයේ දී අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා නොකළ සුරේෂ් රයිනා මෙම තරගයේ දී යළිත් චෙන්නායි පිල නියෝජනය කරමින් අයි.පී.එල් පිටියට පිවිසි අතර, ඔහු පන්දු 36කින් ලකුණු 54ක් රැස් කළා.

ඊට හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් ඇතුළත්.

මොයීන් අලී ලකුණු 36ක්, සෑම් කරන් පන්දු 15කින් ලකුණු 34ක් මෙන්ම රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 26ක් ලබා ගත්තා.

නායක මහේන්ද්‍ර සිං දෝනි දෙවැනි පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියා.

පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් සහ අවේෂ් ඛාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි පිල පන්දුවාර 18.4ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ප්‍රිත්වි ෂෝ සහ ශිකර් දවාන් පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ ලකුණු 138ක විශිෂ්ඨ සබදතාවයෙන් සවිමත් වෙමින්.

ප්‍රිත්වි ෂෝ ලකුණු 72(38)කට දැවී ගිය අතර, දවාන් ලකුණු 85(54)ක් රැස් කළා.

ප්‍රිත්විගේ ඉනිම හයේ පහර 3කින් සහ හතරේ පහර 9කින් වර්ණවත් වූ අතර, දවාන්ගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 10ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී ශර්දුල් තාකූර් ලකුණු 53කට කඩුලු 2ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...