RCB කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයන් 8 න් 5 ක්ම ඕස්ට්‍රේලියානුවන්

Date:

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසය තුළ ඉතාමත් අවාසනාවන්ත කණ්ඩායමක් ලෙස සැලකෙන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මෙවර තරග වාරයේ දී කැපීපෙනෙන වෙනස්කම් රැසකගෙන් යුතුව තරගාවලියට පිවිසෙන ආකාරයක් දැකගන්නට ලැබෙනවා.

මෙවරත් විරාට් කෝලීගේ නායකත්වය යටතේ ප්‍රබල සංචිතයක් නම් කිරීමට ඔවුන් කටයුතු කර ඇතත්, පසුගිය වසරේ දී එම කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකාවේ ඉසුරු උදානට මෙවර තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිව නැහැ.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය තුළදී ඉතාමත් ඉහළ මුදලකට සුපිරි පිතිකරු ග්ලේන් මැක්ස්වෙල්ව සහ දක්ෂ වේග පන්දු යවන්නෙකු වන කේන් රිචර්ඩ්සන්ව මිලදී ගැනීමට RCB කණ්ඩායම කටයුතු කර තිබුණා.

වඩාත් කැපීපෙන කරුණක් වන්නේ RCB සංචිතයේ සිටින විදෙස් ක්‍රීඩකයන් අට දෙනාගෙන් 5 දෙනෙකුම ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රීඩකයන් වීමයි.

මෙවර හෝ ඔවුන්ට ශූරතාවයට උරුමකම් කීමට ලැබේවිදැයි විරාට් කෝලිට සහ බැංගලෝර් කණ්ඩායම ආදාරය දක්වන ප්‍රේක්ෂකයින් බොහෝමයක් බලාපොරොත්තු සහගතව බලාසිටින අයුරු දක්නට ලැබෙනවා.

විරාට් කෝලී නායකත්වය දරන බැංගලෝර් සංචිතය මෙසේයි. –

Virat Kohli (c), AB de Villiers, Devdutt Padikkal, Yuzvendra Chahal, Mohammed Siraj, Kane Richardson, Washington Sundar, Pavan Deshpande, Finn Allen, Shahbaz Ahamad, Navdeep Saini, Adam Zampa, Kyle Jamieson, Glenn Maxwell, Rajat Patidar, Sachin Baby, Mohammed Azharuddeen, Daniel Christian, KS Bharat, Suyash Prabhudessai, Daniel Sams, Harshal Patel.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...