දකුණු අප්‍රිකාව පරදා තරගාවලියේ ජය පාකිස්තානයට

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම අද(7) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි තරගයෙක් පාකිස්තානය ලකුණු 28ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

සෙන්චූරියන්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 7ක් දැවී ලකුණු 320ක් ලබා ගත්තා.

අඛණ්ඩව දෙවැනි ශතකය ද වාර්තා කළ ෆකාර් සමාන් ලකුණු 101ක් රැස් කළ අතර, නායක බබාර් අසාම් ලකුණු 94ක් රැස් කළා.

ඉමාම් උල් හක් ලකුණු 57කට දැවී ගියා.

හසන් අලී පන්දු 11කින් නොදැවී ලකුණු 32ක් ලබා ගත්තේ හයේ පහර 4ක් සහ එක් හතරේ පහරක් සමගින්.

පන්දු යැවීමේ දී කේෂාව් මහරාජ් කඩුලු 3ක් සහ ඒඩ්න් මාක්‍රම් කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දකුණු අප්‍රිකාවට පන්දුවාර 49.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 292ක් පමණයි.

Janneman Malan ලකුණු 70ක්, Kyle Verreynne ලකුණු 62ක් සහ ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ ලකුණු 54ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි සහ මොහොමඩ් නවාස් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

තරගයේ වීරයා ලෙස බබාර් අසාම් ද තරගාවලියේ වීරයා ලෙස ෆකාර් සමාන් ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...