ජයසූරිය තැබූ බිද වැටුණු ලෝක වාර්තාවට වසර 25යි

Date:

මේ වන විට ලෝක එක්දින ක්‍රිකට් පිටියේ වේගවත්ම අර්ධ ශතකයට හිමිකම් කියන්නේ දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩි විලියස් බව ඔබ අප කවුරුත් දන්නා කරුණක්.

ඔහු 2015 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එම ලෝක වාර්තාව පිහිටුවූයේ පන්දු 16කට පමණක් මුහුණ දෙමින්.

ඊට පෙර එම ලෝක වාර්තාව ශ්‍රී ලංකා හිටපු ආරම්භක පිතිකරු සනත් ජයසූරිය විසින් තම නම ඉදිරියේ සටහන් කර ගෙන තිබුණා.

1996 වසරේ අප්‍රේල් 7 වැනිදා, එනම් වසර 25කට පෙර අද වැනි දිනක සිංගප්පූරුවේ පැවැති සිංගර් කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී පාකිස්තානයට එරෙහිවයි සනත් මෙම වාර්තාව පිහිටුවනු ලැබුවේ.

පන්දු 17කින් ඔහු සිය අර්ධ ශතකය වාර්තා කළ අතර, එම ඉනිමේ දී සනත් ජයසූරිය රැස් කළ ලකුණු සංඛ්‍යාව 76(28)ක්.

ඊට හයේ පහර 5ක් සහ හතරේ පහර 8ක් ඇතුළත් වුණා.

ඉනිමේ හය වැනි පන්දුවාරයේ දී (5.2) අනෙක් ආරම්භක පිතිකරු වූ රොමේෂ් කලුවිතාරන පන්දු 11කට මුහුණ දී ලකුණු නොලබා දැවී යන අවස්ථාව වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන්ව තිබුණේ එක් කඩුල්ලකට ලකුණු 70ක් ලෙසයි.

එවැනි සුපිරි ආරම්භයක් ශ්‍රී ලංකාව එම තරගයේ දී ලබා ගත්ත ද පළමුවෙන් පන්දුවට පහරදී පාකිස්තානය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ලකුණු 216ක පහසු ඉලක්කය හඹා යාමට ශ්‍රී ලංකාවට හැකි වූයේ නැහැ.

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 172කට සීමා කිරීමට පාකිස්තාන පන්දු යවන්නන් සමත්වීමත් සමග එවකට ලෝක ශූරයින් වූ ශ්‍රී ලංකාව අවසන් තරගය ලකුණු 43කින් පරාජයට පත් වුණා.

අදාළ තරගාවලියේ මූලික වටයේ තරගයකදී පාකිස්තානයට එරෙහිව සනත් ජයසූරිය පන්දු 48කින් සිය ශතකය සම්පූර්ණ කරමින් එවකට ලොව වේගවත්ම එක්දින ශතකය වාර්තා කිරීමේ ලෝක වාර්තාව ද පිහිටුවීමට සමත්වීම විශේෂත්වයක්.

ඔහු එම ඉනිමේ දී පන්දු 65කින් ලකුණු 134ක් රැස් කිරීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...