මහ්මුදුල්ලාහ්ට ශ්‍රී ලංකා තරගාවලියත් අහිමි වෙයි

Date:

බංග්ලාදේශ කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය සදහා ද මහ්මුදුල්ලාහ් රියාද් ක්‍රීඩා නොකරන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

මෑත කාලීනව ඔහුව ටෙස්ට් තරග සදහා සලකා බැලීමක් සිදු නොකළ ද, නිමා වූ කොදෙව් ටෙස්ට් තරගාවලිය බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත්වීම හේතුවෙන් මහ්මුදුල්ලාහ්ට යළි ටෙස්ට් තරග සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දීම පිළිබද එරට තේරීම් කමිටුවේ අවධානය යොමු වුණා.

කෙසේ වෙතත්, ආබාධයකට ගොදුරුව සිටීම හේතුවෙන් 35 හැවිරිදි ඔහුට ශ්‍රී ලංකා තරග සංචාරය ක්‍රීඩා කිරීමට නොහැකි වන බව සදහන්.

නවසීලන්තය සමග පැවැති අවසන් පන්දුවාර 20යි 20 තරගය සදහා ද මහ්මුදුල්ලාහ්ට ක්‍රීඩා කිරීමට නොහැකි වූයේ මෙම ආබාධය හේතුවෙන්.

එම ආබාධය මෙතෙක් සුව අතට පත්ව නොමැති බවත්, ඒ සදහා තවත් දින 10ක පමණ කාලයක් ගත වනු ඇති බවත් සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...