නිරෝධායන අර්බුදය අවසන් – බංග්ලාදේශයේ ශ්‍රී ලංකා සංචාරය තහවුරු වෙයි

Date:

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය තහවුරු වී තිබෙනවා.

කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමග තරගාවලිය සම්බන්ධයෙන් යළි අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව පැවැති නමුත්, මේ වන විට දෙරටේ ක්‍රිකට් බළධාරීන් විසින් ගැටලු සමථයකට පත් කර ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම සැලසුම් කළ පරිදි එළඹෙන 12 වනදා දිවයිනට පැමිණීමට නියමිත අතර, පළමු ටෙස්ට් තරගය ලබන 21 වනදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

පසුගිය වසරේ දී මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, එය කල් දැමීමට සිදු වූයේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්.

බංග්ලාදේශ ක්‍රීඩකයින්ට දින 14ක කාලයක් නිරෝධායනයට ලක්විය යුතු බවට මෙරට බළධාරීන් පසුගිය වසරේ දී ප්‍රකාශ කර තිබූ අතර, ඊට ඔවුන් එකගතාවය පල කර තිබුණේ නැහැ.

මෙම වසර මුලදී එංගලන්ත ක්‍රීඩකයින් මෙරටට පැමිණීමෙන් පසුව ඔවුන්ට නියම කෙරුණු නිරෝධායන ක්‍රමවේදයන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින්ට ද මෙම තරගාවලියේ දී ලබා දීමට මීට පෙර එකගතාවය පල වී තිබුණා.

කෙසේ වෙතත්, ලොව පුරා පවතින කොරොනා වසංගතයේ ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් යළිත් වරක් බංග්ලාදේශ ක්‍රීඩකයින්ට දින 14ක නිරෝධායන කාලයක් ලබා දීම සම්බන්ධයෙන් මෙරට බළධාරීන්ගේ අවධානය යොමුව තිබූ බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරනවා.

නමුත්, පසුව දෙරටේ ක්‍රිකට් ආයතන නිළධාරීන් අතර සිදු කළ සාකච්ඡාවලින් පසුව දින 3ක නිරෝධායන කාලයකට පමණක් එකගතාවය පල වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව බංග්ලාදේශ ක්‍රීඩකයින් මෙරටට පැමිණිමෙන් දින 3කට පසුව ඔවුන්ට පුහුණුවීම් සදහා අවසර හිමි වනවා.

මේ වන විට එරට තුළ කොරෝනා වසංගතයේ ව්‍යාප්තියේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කර ඇති බැවින් බංග්ලාදේශය සතියක කාලයක් හුදෙකලා (lockdown) කිරීමට ද එරට රජය පියවර ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...