ශ්‍රී ලංකා ක්‍රිකට් අදත් කෝප් කමිටුවට – කළමණාකරණ කමිටුවත් අද සිට වැඩ අල්ලයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිළධාරීන් අද(6) දිනයේ දි පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත යළි කැදවා තිබෙනවා.

පසුගිය පෙබරවාරි 11 වනදා ද ඔවුන් කෝප් කමිටුව හමුවේ පෙනී සිටි නමුත්, එම හමුව අතරමගදී නවතා දැමුණා.

ඒ, ක්‍රිකට් බළධාරීන් නිසි සූදානමකින් තොරව කෝප් කමිටුව හමුවට පැමිණ සිටීම හේතුවෙන්.

ඒ අනුව සූදානම් වී පැමිණීම සදහා මසක කාලයක් ක්‍රිකට් ආයතනයට ලබා දෙනු ලැබුවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සිදු කිරීම සදහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පත් කළ පංච පුද්ගල කළමණාකරණ කමිටුව ද අද(6) සිට බලාත්මක වනවා.

මෙම කළමණාකරණ කමිටුව විසින් මැයි 20 වනදා පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිළවරණය තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සිදු කිරීමට නියමිතයි.

පංච පුද්ගල කළමණාකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පත් කර ඇති අතර, ලේකම්වරයා ලෙස ඈෂ්ලි ද සිල්වා මහතා ද, භාණ්ඩාගාරිකවරයා ලෙස සුජීව මුදලිගේ මහතා ද, කමිටු සාමාජිකයෙකු ලෙස නීතිඥ උචිත වික්‍රමසිංහ මහතා ද, නිරීක්ෂකවරයෙකු ලෙස අමල් එදිරිසූරිය මහතා ද පත් කර තිබෙනවා.

ඒ අනුව මීට වසර දෙකකට පෙර පැවැති ක්‍රිකට් ආයතන නිළවරණයෙන් තේරී පත් වූ විධායක නිළධාරී මඩුල්ලේ නිල කාලය ඊයේ දිනයෙන් නිල වශයෙන් අවසන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...