ක්වෙන්ටන් නිර්දෝෂී වෙද්දී ෆකාර් සමාන් වරද පිළිගනියි

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී තමා ලකුණු 193කට දුවද්දී දැවී යාම තමාගේම වරදක් නිසා සිදු වූවක් බව පාකිස්තාන පිතිකරු ෆකාර් සමාන් පවසනවා.

එය කඩුලු රකින ක්‍රීඩක ක්වෙන්ටන් ඩී කොක්ගේ වරදක් නිසා සිදු වූවක් නොවන බවයි ඔහු තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කළේ.

අනෙක් අන්තයට දිව ගිය පිතිකරු වූ හැරිස් රවුෆ් තරමක් ප්‍රමාද වී දිව යාම ආරම්භ කළ බව තමන් නිරීක්ෂණය කළ බැවින් හැරිස් රවුෆ් දැවී යනු ඇතැයි සිතූ නිසා ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට තමා එම අවස්ථාවේ දී කටයුතු කළ බව ෆකාර් පෙන්වා දෙනවා.

“ඉතිරිය තරග තීරකවරයා සතු දෙයක්. නමුත් මම හිතන්නේ නැහැ ඒක ක්වෙන්ටන්ගේ වරදක් කියලා” යනුවෙන් ෆකාර් සමාන් සදහන් කළා.

තරගයෙන් අනතුරුව දකුණු අප්‍රිකා නායක ටෙම්බා බව්මා ද සදහන් කළේ ක්වෙන්ටන් ඩී කොක් නීති උල්ලංඝනය කිරීමක් කිසිදු අයුරකින් සිදු කළ බවට තමා නොසිතන බවයි.

මේ අතර, අදාළ සිදු වීමේ දී ක්වෙන්ටන් ඩී කොක් වරදක් සිදු කළ බවට තරග නිළධාරීන් විසින් ද අණාවරණය කර ගෙන නොමැති බවත්, එබැවින් ඔහුට එරෙහිව කිසිදු දඩුවම් පැනවීමක් සිදු නොවනු ඇති බවත් ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...