අන්තර් සමාජ එක්දින තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් මෙන්න

Date:

යුද හමුදා සහ මුවර්ස් ක්‍රීඩා සමාජ අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග වටයට අද (05) සුදුසුකම් ලැබුවා.

යුද හමුදා කණ්ඩායම අවසන් කණ්ඩායම් 8 අතරට සුදුසුකම් ලැබුවේ සී. සී. සී. පිලට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 108 ක දැවැන්ත ජයක් වාර්තා කරමින්.

සෙබස්තියනයිට්ස් පිලට එරෙහිව ලකුණු 27 ක ජයක් වාර්තා කරමින් මුවර්ස් ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් 8 අතරට සුදුසුකම් ලැබුවා.

ඒ අනුව එළඹෙන 07 වැනිදා පැවැත්වීමට නියමිත අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලදී බදුරලිය කණ්ඩායම සමගින් මුවර්ස් කණ්ඩායම ද, රාගම කණ්ඩායම සමගින් ටැමිල් යුනියන් කණ්ඩායම ද, එන්.සී.සී. කණ්ඩායම සමගින් නාවික හමුදා කණ්ඩායම ද, එස්.එස්.සී. කණ්ඩායම සමගින් යුද හමුදා කණ්ඩායම ද තරග වදිනු ඇති.

මේ අතර, අද පැවැති තරගවලදී බී.ආර්.සී.පිලට එරෙහිව කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට බදුරලිය ක්‍රීඩා සමාජය සමත් වුණා.

එමෙන්ම කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය සමග පැවැති තරගයෙන් බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය ලකුණු 160ක දැවැන්ත ජයක් ද වාර්තා කළා.

කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය හමුවේ පොලිස් ක්‍රීඩා සමාජය පරාජයට පත් වූයේ ලකුණු 101කින්.

එමෙන්ම කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට එරෙහි තරගයෙන් ලකුණු 17ක ජයක් වාර්තා කිරීමට සැරසන්ස් ක්‍රීඩා සමාජය සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...