මිචෙල් මාෂ් IPL තරගාවලියෙන් ඉවත් වෙයි – රෝයි සන්රයිසස් කණ්ඩායමට

Date:

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා නොකිරීමට තීරණය කර තිබෙනවා.

දිගු කාලයක් ජෛව ආරක්ෂිත බුබුලක රැදී සිටීමට සිදු වන බැවින් ඔහු මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

මේ සම්බන්ධයෙන් මිචෙල් මාෂ් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඔහු වෙනුවවට එංගලන්ත පිතිකරු ජේසන් රෝයි සමග සන්රයිසස් කණ්ඩායම ගිවිසුම් ගත වී ඇති බවයි අයි.පී.එල් තරගාවලි සංවිධායකයින් නිවේදනය කළේ.

මෙවර අයි.පී.එල් වෙන්දේසියේ දී ජේසන් රෝයි මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

කෙසේ වෙතත්, වෙන්දේසියට ඉදිරිපත් වීමේ දී ඔහුට හිමි වූ මූලික වටිනාකම වන ඉන්දීය රුපියල් කෝටි දෙකක මුදලට ජේසන් රෝයි සමග සන්රයිසස් කණ්ඩායම ගිවිසුම් ගත වී ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...