“මගේ ක්‍රිකට්වලට වගකියන්න ඕනේ අසන්ත ද මෙල්” ඩිල්ෂාන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Date:

මේ දිනවල පැවැත්වෙන Road Safty World Series තරගාවලියත් සමග ශ්‍රී ලංකා හිටපු විශිෂ්ඨ ක්‍රීඩකයන් සම්බන්ධව මේ වන විට වැඩි ප්‍රේක්ෂකයින් පිරිසකගේ අවධානයට ලක්ව ඇති බවක් දක්නට ලැබෙනවා.

ඒ අතර හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.

44 හැවිරදි වියේ පසුවුවත් තවමත් තුන් ඉරියව්වෙන්ම තමාට දක්ෂතා දැක්වීමට හැකියාව පවතින බව ඔහු මෙම තරගාවලියේ දී පෙන්වා දුන්නා.

ක්‍රීඩා මාධ්‍යවේදී ධනුෂ්ක අරවින්ද මහතා සමග පැවතී සම්මුඛ සාකච්ඡාවකදී තිලකරත්න ඩිල්ෂාන් ඉතාමත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ප්‍රථම වරට මාධ්‍යට අණාවරණය කළා.

ඔහු පවසා සිටියේ තමාගේ ක්‍රිකට් දිවියට අත් වූ ඉරණමට වගකිව යුතු වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු තේරීම් කමිටු ප්‍රධානී අසන්ත ද මෙල් මහතා බවයි.

තාමට නායකත්ව ධූරයෙන් ඉවත් වන ලෙසටත්, එසේ නොමැති වුවහොත් නායකත්වයෙන් තමාව ඉවත්කිරීමට කටයුතු කරන බවටත් අසනත් ද මෙල් මහතා සදහන් කළ බව ඩිල්ෂාන් මෙහිදී අවධාරණය කර සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...