“ඔහු සමග කිසිදු මිතුරුකමක් නැහැ” – ආචර්ට කෙමා රෝච්ගෙන් අනතුරු ඇගවීමක්

Date:

බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක කෙමා රෝච් විසින් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර් වෙත අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.

දෙරට අතර ආරම්භ වන එළඹෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී ඔහු සමග සිය කණ්ඩායමේ ක්‍රීඩකයින් මිතුරුකමක් නොදක්වන බවයි කෙමා රෝච් සදහන් කර ඇත්තේ.

බාර්බඩෝස්හි උපන් 25 හැවිරිදි ආචර් වයස අවුරුදු 19න් පහළ කොදෙව් කණ්ඩායම වෙනුවෙන් තෙවරක් ක්‍රීඩා කර ඇති නමුත්, අනතුරුව ඔහු එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීම සදහා එංගලන්තයට පැමිණියා.

මීට පෙර ජොෆ්ර ආචර් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී කොදෙව්වන්ට එරෙහිව ක්‍රීඩා කළ අතර, එළඹෙන ටෙස්ට් තරගාවලියේ දී යි ඔහු පළමු වරට සිය උපන් බිමට එරෙහිව ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ.

“ජොෆ්ර ඔහුගේ තීරණය ගත්තා වගේම ඔහු විශිෂ්ඨ කාර්යයක් ඔහුගේ ක්‍රිකට් දිවිය වෙනුවෙන් ඉටු කරමින් සිටිනවා. නමුත් මේ තරගාවලියේ දී ඔහු සමග කිසිදු මිත්‍රකමක් නැහැ.”

යනුවෙන් කෙමා රෝච් කියා සිටියා.

“ජයග්‍රහනය සහ හොදින් ක්‍රිකට් ක්‍රීඩා කිරීම පමණයි අපේ අරමුණ. ජොෆ්රට එරෙහිව අපි හොද සැලසුමක් සකස් කරලා තියෙනවා.”

“බාබඩෝස්හී දී මම ඔහුව දැක තියෙනවා යොවුන් ක්‍රීඩකයෙකු ලෙස දේශීය තරග ක්‍රීඩා කරනවා. මම හිතුව ඔහු දක්ෂ ක්‍රීඩකයෙක් කියලා. ඔහු ඒක පෙන්නලා තියෙනවා වසර ගණනාවක්.ඔහු මෙහෙ ඇවිත් හොද කාර්යක් කරමින් ඉන්නවා. මට අවශ්‍යයි ඔහුට සුබ පතන්න ඔහුගේ ක්‍රිකට් දිවියට.”

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජූලි 8 වනදා ආරම්භ වීමට නියමිතයි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...