මලාන් හා බට්ලර්ගේ සටන අපතේ යයි – තරගාවලියේ ජය ඉන්දියාවට

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-2ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.

ඒ, අද(20) පැවැති පස්වන හා අවසන් 20යි 20 තරගයෙන් ඉන්දියාව ලකුණු 36ක ජයක් වාර්තා කරමින්.

අහ්මදාබාද්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුවෙන් පනදුවට පහරදුන් ඉන්දියාව කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 224ක් ලබා ගැනීමට සමත් වුණා.

රෝහිට් ෂර්මා පන්දු 34කින් ලකුණු 64ක් රැස් කළේ හයේ පහර 5ක් ද සමගින්.

ඔහු සමග ඉනිම ආරම්භ කළ නායක විරාට් කෝලි පන්දු 52කින් නොදැවී ලකුණු 80ක් ලබා ගත්තා.

හර්ඩික් පාන්ඩ්යා නොදැවී ලකුණු 39ක් සහ සූර්යකුමාර් යාදෙව් ලකුණු 32ක් රැස් කළා.

ලකුණු 225ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්තයට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට බුවනේෂ්වර් කුමාර් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඔහු විසින් ජේසන් රෝයි ලකුණු බින්දුවකට දවා ගත් නමුත්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් ජොස් බට්ලර් සහ ඩේවිඩ් මලාන් අතර පන්දු 82කින් ලකුණු 130ක අගනා සබදතාවයක් ගොඩ නැගුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු එංගලන්තයට නතු කරමින්.

කෙසේ වෙතත්, බට්ලර් ලකුණු 52කටත්, මලාන් ලකුණු 68කටත් දැවී යාමත් සමග එංගලන්ත මැද පෙල බිද වැටීම ආරම්භ වුණා.

කිසිදු මැදපෙල පිතිකරුවෙකුට සාර්ථක වීමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබා නොදීමත් සමග එංගලන්ත ඉනිම පන්දුවාර 20 අවසානයේ නිමා වුණේ කඩුලු 8ක් දැවී ලකුණු 188ක් පමණක් ලබා ගනිමින්.

පන්දු යැවීමේ දී බුවනේෂ්වර් කුමාර් ලකුණු 15කට කඩුලු 2ක් දවා ගත් අතර, ශර්දුල් තාකූර් ලකුණු 45කට කඩුලු 3ක් බිද හෙලුවා.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය එළඹෙන 23 වනදා පූනේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...