ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් – ඉන්දීය ලෙජන්ඩ්ස් අවසන් ගැටුම අද

Date:

Road Safety World Series තරගාවලියේ අවසන් මහා තරගය අද(21) පැවැත්වෙනවා.

ඒ, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ සත්කාරක ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අතරයි.

තරගය රාත්‍රී 7ට රායිපූර්හී දී ආරම්භ විමට නියමිතයි.

අවසන් පූර්ව වටයේ දී ඉන්දියාව විසින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමද, ශ්‍රී ලංකාව විසින් දකුණු අප්‍රිකා කණ්ඩායම ද පරාජයට පත් කළා.

මූලික වටයේ තරග අවසන් වන විට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම ප්‍රසාද ලකුණු ලබා සිටි නමුත්, දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත ඉදිරියෙන් පසු වූයේ ශ්‍රී ලංකාවයි.

කෙසේ වෙතත්, මූලික වටයේ දී ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්වීම හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි වූයේ ඉන්දියාවටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...