පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම හා ආරම්භක වේලාව මෙන්න

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට(21) පස්වරු 7.30 ට ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

20යි 20 තරගාවලිය සහ එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීමට කොදෙව්වන් සමත් වූ බැවින් කොදෙව් සංචාරය ගෞරවාන්විතව අවසන් කර ගැනීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම ටෙස්ට් තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක් වීම අතිශය වැදගත් වනු ඇති.

එක්දින හා 20යි 20 තරග සදහා ක්‍රීඩා නොකළ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයතයට එක්ව තිබෙනවා.

වාර්තා වන අන්දමට හෙට තරගයේදී දක්ෂ නවක පිතිකරුවෙකු වන පැතුම් නිස්සංකට ටෙස්ට් වරම් හිමිවීමට නියමිතයි.

ධනංජය ද සිල්වා ද යළි කණ්ඩායමට එක්වීමට නියමිතව ඇති අතර, ශ්‍රී ලංකාව වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමග මෙම තරගයට එක් වනු ඇති.

හෙට ආරම්භ වන පළමුු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම :

Dimuth Karunartne (c), Lahiru Thirimanne, Oshadha Fernando, Pathum Nissanka, Dinesh Chandimal, Dhanjaya De Silva, Niroshan Dickwalla (wk), Lasith Embuldeniya, Suranga Lakmal, Dushmantha Chameera, Vishwa Fernando

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...