“චෙන්නාය තමයි හොදම කණ්ඩායම” – මුරලි

Date:

තමා ක්‍රීඩා කළ හොදම පන්දුවාර 20යි 20 ලීග් කණ්ඩායම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම බව ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා.

ස්ටාර් ස්පෝර්ට්ස් රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.

මුරලිදරන් 2008 වසරේ සිට 2010 වසර දක්වා කාලය තුළ චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා.

ඔහුව චෙන්නායි කණ්ඩායම විසින් මිලදී ගෙන තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 4.5ක මුදලකටයි.

එහිදී මුත්තයියා මුරලිදරන් කඩුලු 40ක් දවා ගැනීමට සමත් වූ අතර, ඔහු චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අවසන් තරගවාරය වූ 2010 වසරේ දී චෙන්නායි කණ්ඩායම අයි.පී.එල් ශූරතාවය ද දිනා ගැනීමට සමත් වුණා.

අනතුරුව ඔහු කෝචි ටස්කර්ස් කේරල සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායම් සදහා ද ක්‍රීඩා කළා.

තමා අයි.පී.එල් ක්‍රීඩා කළහොත් චෙන්නායි කණ්ඩායමට ක්‍රීඩා කිරීමට හැකිවේයැයි තමා ප්‍රාර්ථනා කළ බවත්, තමා සිතූ අයුරින්ම චෙන්නායි ක්‍රීඩකයින් කණ්ඩායමේ සිටි බවත් මුත්තයියා මුරලිදරන් ස්ටාර් ස්පෝර්ට්ස් වැඩසටහනේ දී සදහන් කර සිටියා.

“ඒ කාලයේ දී හොද නීතියක් තිබුණ ප්‍රාදේශීය  ක්‍රීඩකයින් කණ්ඩායමේ සිටිය යුතුයි කියලා. පළමු වසර 3 තමයි හොදම වසර කිහිපය. මොකද අපිට අපේම භාෂාවෙන් කතා කළ හැකි වුණා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...