ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ඉන්දියාවට එරෙහිව අවසන් තරගයට

Date:

Road Safety World Series තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අද(19) සමත් වුණා.

ඒ, දෙවන අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව ඔවුන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කරමින්.

රායිපූර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ෂාන් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 125ක් පමණයි.

Morne van Wyk ලකුණු 53ක් සහ ඇල්විරෝ පීටර්සන් ලකුණු 27ක් රැස් කරමින් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීම සදහා දකුණු අප්‍රිකා කණ්ඩායමට අවශ්‍ය පදනම සකස් කර දුන් නමුත්, ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකා මැද පෙල බිද වැටුණා.

එහිදී තරගාවලියේ හොදම පන්දු යැවීම වාර්තා කරමින් නුවන් කුලසේකර ලකුණු 25කට කඩුලු 5ක් බිද හෙලීමට සමත් වුණා.

සනත් ජයසූරිය සිය පන්දුවාර 4 නිමා කළේ ලකුණු 12ක් පමණක් ලබා දී එක් කඩුල්ලක් දවා ගනිමින්.

ෆර්විස් මහරුෆ් සහ කෞෂල්‍ය වීරරත්න අතරේ ද එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 17.2ක් අවසානයේ කඩුලු 2ක් දැවී ජයග්‍රාහී ඉල්ක්කය පසු කළා.

චින්තක ජයසිංහ පන්දු 25කින් නොදැවී ලකුණු 47ක් රැස් කළ අතර, උපුල් තරංග නොදැවී ලකුණු 39ක් ලබා ගත්තා.

තිලකරත්න ඩිල්ෂාන් සහ සනත් ජයසූරිය ලකුණු 18 බැගින් ලබා ගත්තා.

ඒ අනුව ලබන 21 වනදා පැවැත්වෙන තරගාවලියේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව, ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...