ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ ජාතික කණ්ඩායම අතර 20යි 20 තරගයක්

Date:

ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ක්‍රිකට් තරගයක් පැවැත්වීමට අවධානය යොමුව තිබෙනවා.

කෝවිඩ් අරමුදලට ආධාර ලබා ගැනීම අරමුණු කර ගනිමින් මෙම තරගය පැවැත්වීමට කටයුතු කරන බවයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ.

මේ වන විටත් ඊට අදාළ සාකච්ඡා සිදුවෙමින් පවතින බව සදහන්.

මෙම 20යි 20 තරගය නැරඹීම සදහා ප්‍රේක්ෂකයන් යම් ප්‍රමාණයකට ද (50%කට පමණ) අවස්ථාව ලබා දීමටයි අවධානය යොමුව ඇත්තේ.

අදාළ තරගය එලඹෙන අප්‍රේල් මාසයේ දී කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...