ජඩේජා, රාහුල් ඇතුළු පහකට තහනම් උත්තේජක නිවාරණ ආයතනයෙන් නොතීසි

Date:

ඉන්දීය ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනෙකුට එරෙහිව එරට තහනම් උත්තේජක නිවාරණ ආයතනය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා.

ඒ, ඔවුන් සිටින ස්ථාන පිළිබද හෙළි කිරීමට අසමත් වීම හේතුවෙන්.

මෙලෙස චෝදනා එල්ල වී ඇත්තේ රවීන්ද්‍ර ජඩේජා, චෙටස්වර් පුජාරා, කේ.එල් රාහුල්, ස්ම්රිටි මන්ධනා සහ දීප්ටි ෂර්මා යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එරෙහිවයි.

එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන් සිටින ස්ථානය අණාවරණය කිරීමට නොහැකි වූ හේතු දක්වමින් ඉන්දීය ක්‍රිකට් ආයතනය ද ජාතික තහනම් උත්තේජක නිවාරණ ආයතනය වෙත ලිපියක් යොමු කර ඇති බව සදහන්.

ක්‍රීඩකයින් තමන් සිටින ස්ථානය දැන්වීම සදහා වන ක්‍රියාවලිය වෙනුවෙන් මෘදුකාංගයක් භාවිතා කරන අතර, ඒ අනුව ක්‍රීඩකයින් සිටින ස්ථානය පිළිබද තොරතුරු ඉදිරිපත් කිරීම සදහා ක්‍රම දෙකක් යොදා ගත හැකියි.

එක් ක්‍රමයක් වන්නේ ක්‍රීඩකයින් විසින්ම ඒ පිළිබද දැනුම් දීමයි.

අනෙක් ක්‍රමය වන්නේ ඔවුන් අයත් ක්‍රීඩා සංගමය (උදා- ඉන්දීය ක්‍රිකට් ආයතනය) ක්‍රීඩකයින් වෙනුවෙන් එය සම්පූර්ණ කිරීමයි.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට තමන් සිටින ස්ථානය පිළිබද තොරතුරු ඉදිරිපත් කිරීමට නොහැකි වූයේ මෘදුකාංගය හා සම්බන්ධ මුරපදයේ ඇති වූ ගැටලුවක් නිසා බවයි එරට ක්‍රිකට් ආයතනය විසින් තහනම් උත්තේජක නිවාරණ ආයතනය වෙත දන්වා ඇත්තේ.

කෙසේ වෙතත් එම ගැටලුව මේ වන විට විසදා ගෙන ඇති බව ද ඉන්දීය ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

ඉදිරිපත් කර ඇති හේතුව සාධාරණ වුවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණයක් ගන්නා බවයි තහනම් උත්තේජක නිවාරණ ආයතනය සදහන් කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...