තියුණු සටනකින් පසු කොදෙව්වන් පැරද වූ ඉන්දීය ලෙජන්ඩ්ස් පිල අවසන් තරගයට

Date:

Road Safety World Series තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අද(17) සමත් වුණා.

ඒ, අද පැවැති පළමු අවසන් පූර්ව තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම තියුණු සටනකින් පසුව ලකුණු 12කින් පරාජයට පත් කරමින්.

රායිපූර්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 3ක් දැවී ලකුණු 218ක් ලබා ගත්තා.

සචින් ටෙන්ඩුල්කාර් පන්දු 42කින් ලකුණු 65ක් සහ යුවරාජ් සිං පන්දු 20කින් නොදැවී ලකුණු 49ක් රැස් කළා.

යුවරාජ්ගේ ඉනිමට හයේ පහර 6ක් සහ එක් හතරේ පහරක් ඇතුළත්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 206ක් පමණයි.

ඩ්වේයන් ස්මිත් ලකුණු 63ක්, Narsingh Deonarine ලකුණු 59ක් සහ බ්‍රයන් ලාරා ලකුණු 46ක් රැස් කළා.

පන්දු යැවීමේ දී විනය කුමාර් කඩුලු 2ක් බිද හෙලුවා.

තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අනිද්දා(19) ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...