වරද පිළිගත් ධනුෂ්කට අයි.සී.සීයෙන් දඩුවම්

Date:

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් දඩ පනවා තිබෙනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව නිමා වූ තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී ඔහු අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්.

කොදෙව් ඉනිමේ 35 වන පන්දුවාරයේ දී නිකලස් පූරාන් දවා ගැනීමෙන් පසුව එය සැමරීමේ දී ධනුෂ්ක විසින් පූරාන් වෙත නුසුදුසු භාෂාවෙන් ආමන්ත්‍රණය කළ බවටයි චෝදනා එල්ල වූයේ.

එහිදී ඔහු විසින් විනය නීති සංග්‍රහයේ 2.5 වගන්තිය උල්ලංඝනය කර ඇති බවත්, එය පළමු මට්ටමේ වරදක් බවත් ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළා.

ඒ අනුව ධනුෂ්කගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් පැනවීමට අයි.සී.සී ය කටයුතු කර තිබෙනවා.

එය පසුගිය මාස 24ක කාලසීමාවේ දී ඔහුට එරෙහිව වාර්තා වූ පළමු දඩුවම් ලකුණයි.

ධනුෂ්ක ගුණතිලක විසින් මෙම වරද පිළිගෙන ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු නොවන බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...