බ්‍රාවෝගේ සුපිරි ශතකයෙන් කොදෙව්වන්ට පූර්ණ තරගාවලි ජයක්

Date:

ශ්‍රී ලංකාව සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ, මෙරට වේලාවෙන් අද(15) අලුයම නිමා වූ තෙවැනි එක්දින තරගයෙන් කොදෙව්වන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඇන්ටිගුවාහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 274ක් ලබා ගත්තා.

ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන් දිමුත් කරුණාරත්න සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 68ක සබතාවයක් පළමු කඩුල්ලට ගොඩ නැගුවා.

ධනුෂ්ක ලකුණු 36කට දැවී ගිය අතර, දිමුත් ලකුණු 31ක් රැස් කළා.

පැතුම් නිස්සංක ලකුණු 24කටත්, දිනේෂ් චන්දිමාල් ලකුණු 16කටත්, දසුන් ශානක ලකුණු 22කටත්, තිසර පෙරේරා ලකුණු 3කටත් දැවී යාමත් සමග ශ්‍රී ලංකා ඉනිම බිද වැටුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දැවී ගිය කඩුලු 6 ලකුණු 151ක්ව තිබියදී බිද වැටුණ ද, අනතුරුව 7 වන කඩුල්ල සදහා නොබිදුණු ලකුණු 123ක සබදතාවයක් ගොඩ නැගීමට වනිදු හසරංග සහ අශේන් බණ්ඩාර සමත් වුණා.

සිය මංගල එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කළ වනිදු පන්දු 60කින් නොදැවී ලකුණු 80ක් ලබා ගත්තේ හයේ පහර 3ක් සහ හතරේ පහර 7ක් සමගින්.

එය අංක 8 ස්ථානයේ පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවෙකු එක්දින තරගයකදී වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වීම විශේෂත්වයක්.

එක් හයේ පහරක් සහ හතරේ පහර 3කින් සිය ඉනිම ශක්තිමත් කළ අශේන් බණ්ඩාර නොදැවී ලකුණු 55යි.

පන්දු යැවීමේ දී Akeal Hosein ලකුණු 33කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් පන්දුවාර 48.3ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ඩැරන් බ්‍රාවෝ වාර්තා කළ විශිෂ්ඨ ශතකයෙන් ශක්තිමත් වෙමින්.

බ්‍රාවෝ ලකුණු 102ක් ලබා ගත් අතර, ෂේයි හෝප් ලකුණු 64ක් රැස් කළා.

නායක කිරන් පොලාඩ් නොදැවී ලකුණු 53යි.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එළඹෙන 21 වනදා ඇන්ටිගුවාහී දී ම ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...