අතරමැදදී කල් දැමුණු පාකිස්තාන සුපර් ලීගය ගැන සුබ ආරංචියක්

Date:

කල් දැමීමට සිදු වූ මෙවර පාකිස්තාන සුපර් ලීග් හෙවත් පී.එස්.එල් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ජූනි මස මුලදී ආරම්භ කරන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසනවා.

සියලු තරග කරච්චි ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු කරන බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

පාකිස්තාන කණ්ඩායම අප්‍රේල් මාසයේ දී දකුණු අප්‍රිකා තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇති අතර, ජූලි මාසයේ දී එංගලන්ත තරග සංචාරයක ද නිරත වීමට නියමිතයි.

ඒ අනුව පාකිස්තානයට පී.එස්.එල් තරගාවලිය පැවැත්වීම සදහා අවස්ථාව හිමි වන්නේ ජූනි මාසයේ දීයි.

පසුගිය 4 වනදා පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය කල් දැමීමට කටයුතු කෙරුණේ තරගාවලියට සම්බන්ධ ක්‍රීඩකයින් සහ නිළධාරීන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

ඒ වන විට තරග 14ක් පමණක් පවත්වා තිබූ අතර, ඒ අනුව ඉතිරි තරග 20 ජූනි මාසයේ දී පැවැත්වෙනු ඇති.

කෙසේ වෙතත්, තරග කාලසටහන මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...