ඉන්දීය කාන්තාවන්ට කඩුලු 9ක ජයක්

Date:

දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද(9) සමත් වුණා.

ඉන්දියාවේ ලක්නව් නුවර පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාවට පන්දුවාර 41ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 157ක් පමණයි.

Lara Goodall ලකුණු 49ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී ජේ. ගොස්වාමි ලකුණු 42කට කඩුලු 4ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 28.4ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවි ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ස්ම්රිටි මන්ධනා පන්දු 64කින් නොදැවී ලකුණු 80ක් ලබා ගත්තා.

Punam Raut නොදැවී ලකුණු 62යි.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින තරගාවලිය මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගනිමින් සම තත්ත්වයේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...