ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රීඩකයින් තරගයෙන් පසු කළ දේ

Date:

Road Safty World Series තරගාවලිය යටතේ Sri Lanka Legends කණ්ඩායම සහ West Indies Legends කණ්ඩායම අතර ඊයේ පැවති තරගය පිළිබද තොරතුරු අප මීට පෙර ඔබට වාර්තා කළා.

එම තරගයෙන් කඩුලු 5 ක විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමයි සමත්වුණේ.

අතීත මතක ගොන්නක් නැවත අලුත් කළ මෙම තරගයේදී යළිත් වරක් තිලකරත්න ඩිල්ෂාන්ගේ ඩිල්ස්කූප් පහර ද ප්‍රේක්ෂකයින්ට දැකගැනීමට අවස්ථාව ලැබීම විශේෂත්වයක්.

උපුල් තරංග අවසානය තෙක් නොනවත්වා දියත් කළ පිතිහරඹය නිසාවෙන් Sri Lanka Legends කණ්ඩායමට මෙම තරගයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි වුණා.

ඊයේ තරගයෙන් පසු ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රීඩකයින් ශාරීරික සුවතා අභ්‍යාසයන්හි නිරතවන අවස්ථාවක වීඩියෝවක් උපුල් තරංග විසින් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පල කර තිබුණා.

තරගාවලියේ තවත් තරගයක් අද(7) පැවැත්වෙන්නේ බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම අතරයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...