අමීර් සහ හැරිස් එංගලන්ත සංචාරයට බෑ කියයි

Date:

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් සහ පිතිකරු හැරිස් සොහයිල් එළඹෙන එංගලන්ත තරග සංචාරයෙන් ඉවත් වී තිබෙනවා.

ඒ, පෞද්ගලික හේතු පදනම් කර ගනිමින්.

පාකිස්තාන කණ්ඩායම ටෙස්ට් තරග 3කට සහ 20යි 20 තරග 3කට එක් වීම සදහා අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී එංගලන්තයේ සංචාරය කිරීමට නියමිතයි.

මොහොමඩ් අමීර් මෙම තරග සංචාරයට එක් නොවීමට තීරණය කර ඇත්තේ ඔහුගේ බිරිද අගෝස්තු මාසයේ දී දෙවන දරු උපත වෙනුවෙන් සූදානමින් පසුවීම හේතුවෙන්.

හැරිස් සොහයිල් ද සංචාරයට එක් නොවන්නේ පෞද්ගලික හේතුවක් පදනම් කර ගනිමින්.

ක්‍රීඩකයින් 28 දෙනෙකු සහ පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු සහය කාර්ය මණ්ඩල නිළධාරීන් 14 දෙනෙකු ද තරග සංචාරය සදහා එක් වන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය අද තහවුරු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...