ශෙවාග්ගේ අනුකම්පා විරහිත ප්‍රහාරය හමුවේ බංග්ලාදේශයට දරුණු පරාජයක්

Date:

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසරේ අතරමග දී කල් දැමීමට සිදු වූ Road safty world series තරගාවලිය ඊයේ(5) යළි ආරම්භ කෙරුණා.

ඒ අනුව තරගාවලියේ පස්වන තරගය India Legends කණ්ඩායම සහ Bangladesh Legends කණ්ඩායම අතර ඉන්දියාවේ රායිපූර් ක්‍රීඩාංගණයේදීයි පැවැත්වුණේ.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් ප්‍රථම කඩුල්ලට ලකුණු 59 ක සබදතාවක් ගොඩනැගුවා.

කෙසේ වෙතත්, ඉන්දිය කණ්ඩායමේ විශිෂ්ඨ පන්දුයැවීම හමුවේ එම පිතිහරඹය සාර්ථකව ඉදිරියට දියත් කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

ඔවුන්ගේ අවසන් කඩුලු 9 ම ලකුණු 50 ක් තුළ බිඳ වැටීම විශේෂත්වයක්.

බංග්ලාදේශ වෙනුවෙන් ආරම්භක පිතිකරු නසිමුදීන් පමණක් සාර්ථක වූ අතර ඔහු පන්දු 33 කදී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 49 ක්.

සෙසු එකඳු පිතිකරුවෙකු හටවත් ලකුණු 15 සීමාව පසුකර යාමට ඉන්දිය පන්දුයවන්නන් අවස්ථාවක් ලබාදුන්නේ නැහැ.

යුවරාජ් සිං, ප්‍රග්යාන් ඕජා සහා විනය කුමාර් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

මන්ප්‍රිට් ගෝනි සහ යූසුෆ් පතාන් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

ඒ අනුව බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 19.4 තුළ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 109 ක් පමණයි.

ලකුණු 110 ක පහසු ඉලක්කයක් හඹා ගිය ඉන්දිය ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 10.1 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් බිඳ නොවැටී ජයග්‍රහණය වාර්තා කළා.

සිය සුපුරුදු ප්‍රවේගකාරී ප්‍රිතිහරඹයේ නිරත වූ විරේන්ද්‍ර ශෙවාග් පන්දු 35 ක් පමණක් වැය කර නොදැවී ලකුණු 80 ක් වාර්තා කළා.

එම ඉනිමට හයේ පහරවල් 5 ක් සහ හතරේ පහරවල් 10 ක් ඇතුළත්.

සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් පන්දු 26 කදී නොදැවී ලකුණු 33 යි.

ඒ අනුව ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායමට කඩුලු 10 ක පහසු ජයග්‍රහණයක් මෙම තරගයෙන් හිමිවුණා.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමගින් බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම අද(6) තරග වැදීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...