ධනංජය, පැතුම්, රොෂේන් ටෙස්ට් සංචිතයට

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු එළඹෙන ඉරිදා කොදෙව් දේශය බලා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වනවා.

ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු සහ රොෂේන් සිල්වා යන ක්‍රීඩකයින් එලෙස පිටව යන බව සදහන්.

ටෙස්ට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇති බව වාර්තා වන නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් එය නිල වශයෙන් නිවේදනය කර නැහැ.

නම් කර ඇති බවට වාර්තා වන ශ්‍රී ලංකා සංචිතය –

දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, රොෂේන් සිල්වා, පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, දසුන් ශානක, වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, සුරංග ලක්මාල්, අසිත ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...