දසුන් ශානක ප්‍රංශය හරහා කොදෙව් දේශයට

Date:

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක එළඹෙන 7 වනදා බටහිර ඉන්දීය කොදෙව් දේශය බලා පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

ප්‍රංශය හරහා ඔහු කොදෙව් දේශය බලා පිටත්ව යන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ඔහුට හිමි වනු ඇති.

අමෙරිකානු වීසා ලබා ගැනීමේ ගැටලුවක් හේතුවෙනුයි ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් සමග කොදෙව් දේශය බලා පිටව යාමට නොහැකි වුණේ.

20යි 20 තරගාවලියේ දී නායකත්වය පවා දැරීමට නියමිතව සිටි දසුන් ශානකට ඒ හේතුවෙන් 20යි 20 තරගාවලියම ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...