ලකුණු 50ක ජයක් සමගින් ඔස්ට්‍රේලියාව තරගාවලිය සම කරයි

Date:

නවසීලන්තය සමග පැවැති සිව්වැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 50ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය තරග 2-2ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(5) සමත් වුණා.

වෙලින්ටන්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩලු 6ක් දැවී ලකුණු 156ක් ලබා ගත්තා.

නායක ආරොන් ෆින්ච් පනදු 55කින් නොදැවී ලකුණු 79ක් රැස් කළේ හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් සමගින්.

මර්කස් ස්ටොයිනිස් ලකුණු 19ක් සහ ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 18ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඉෂ් සෝදි කඩුලු 3ක් දවා ගත් අතර, ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 18.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 106ක් පමණයි.

ක්යිල් ජමිසන් ලකුණු 30ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී කේන් රිචර්ඩ්සන් කඩුලු 3ක් බිද හෙලුවා.

ඇෂ්ටන් ඒගාර්, ඇඩම් සම්පා සහ ග්ලේන් මැක්ස්වෙල් කඩුලු 2 බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...