විරාට් කෝලි 0 ට යළි ක්‍රීඩාගාරයට හරවා යැවූ ස්ටොක්ස්ගේ සුපිරි කෙටි පන්දුව

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර ඊයේ (04) ආරම්භ වූ සිව්වන හා අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.

මේ වන විට සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඉන්දිය කණ්ඩායමේ තෙවැනි කඩුල්ල ලෙස නායක විරාට් කෝලී ලකුණු නොලබාම ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට බෙන් ස්ටෝක්ස් සමත් වුණා.

ස්ටොක්ස් යොමු කළ කෙටි පන්දුවකට පහරක් එල්ල කිරීමට උත්සාහ කිරීමේදී විරාට් කෝලීගේ පිත්තේ යන්තමින් ගැටුණු පන්දුව කඩුලු රකිමින් සිටි බෙන් ෆෝක්ස් විසින් පහසුවෙන් රැකගත්තා.

ටෙස්ට් පිටියේ දී විරාට් කෝලි ලකුණු නොලබා දැවී ගිය 12 වන අවස්ථාව මෙය වන අතර, අවසන් ඉනිම් 4 තුළ ඔහු ලකුණු නොලබා දැවී ගිය දෙවැනි අවස්ථාව ද මෙයයි.

ජාත්‍යන්තර තරග පිටියේ දී ඔහු ලකුණු නොලබා දැවී ගිය 27 වැනි අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක්.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 205ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...