තමන් කඩපු අසුනෙහි අත්සන් කළ මැක්ස්වෙල් අසුනට කළ දේ 

Date:

අවසන් ඉනිම් ද්විත්වය තුළ සිය සුපුරුදු රිද්මය සොයමින් සිටි ඕස්ට්‍රේලියානු ප්‍රහාරාත්මක පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් ඊයේ (03) දිනයේ නවසීලන්තය සමගින් පැවති තෙවැනි 20යි 20 තරගයේදී ප්‍රවේගකාරී ඉනිමක් දියත් කිරීමට සමත් වූ බව අප ඔබට මීට පෙර තොරතුරු වාර්තා කළා.

ඇෂ්ටන් ඒගාර් පන්දු යැවීමේදී බිද හෙලූ කඩුලු 6 සහ මැක්ස්වෙල් පන්දු 31 කදී වාර්තා කළ වේගවත් ලකුණු 70 ද සමගින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 64 ක විශිෂ්ඨ ජයග්‍රහණයක් මෙම තරගයෙන් හිමිවුණා.

කෙසේ වෙතත්, තවමත් සත්කාරක නවසීලන්ත කණ්ඩායම තරග 2 – 1 ක් ලෙස තරග 5කින් යුත් 20යි 20 තරගාවලියේ පෙරමුණේ පසුවනවා.

මෙම තරගයේ ඔස්ට්‍රේලියානු ඉනිමේ 17 වන පන්දුවාරය යොමු කළ ජිමී නීෂම්ට එරෙහිව ලකුණු 28ක් රැස් කිරීමට ග්ලේන් මැක්ස්වෙල් සමත් වුණා.

ඒ, හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් එල්ල කරමින්.

එම පන්දුවාරයේ මැක්ස්වෙල් එල්ල කළ එක් හයේ පහරකින් අනතුරුව පන්දුව ප්‍රේක්ෂකාගාරයේ තිබූ අසුනක වැදීම හේතුවෙන් එම අසුන බිඳී ගිය ආකාරයක් දැකගන්නට ලැබුණා.

තරගයෙන් පසුව එම අසුනට සිය අත්සන එක්කිරීමට මැක්ස්වෙල් නිහතමානීව ඉදිරිපත් වූ අතර, එම ආසනය ඉදිරියේ දී වෙන්දේසියක් සදහා ඉදිරිපත් කිරීමට නියමිත බවයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඉන් ලැබෙන මුදල් වෙලින්ටන්හි නිවාස නොමැති කාන්තාවන් සදහා වන අරමුදලට පරිත්‍යාග කෙරෙනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...