අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක් – පොලාඩ්ගෙන් අකිලට පිට පිට හයේ පහර 6ක්

Date:

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය කඩුලු ත්‍රිත්වයක් බිද හෙලීමට අද(4) සමත් වුණා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු පන්දුවාර 20යි 20 තරගයේ දී යි.

ලකුණු 132ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොදෙව් කණ්ඩායමේ පළමු කඩුලු 3 පිට පිට පන්දු 3කදී දවා ගනිමින් අකිල මෙම දක්ෂතාවය පෙන්නුම් කළා.

කොදෙව් ඉනිමේ සිව්වන පන්දුවාරයේ දෙවැනි, තෙවැනි සහ සිව්වැනි පන්දුවලදීයි ඔහු කඩුලු ත්‍රිත්වය බිද හෙලනු ලැබුවේ.

අකිල ධනංජය විසින් දවා ගනු ලැබුවේ එවින් ලුවිස්(28) , ක්‍රිස් ගේල්(0) සහ නිකලස් පූරාන්(0) යන ක්‍රීඩකයින්.

මේ අතර, ඉනිමේ හයවන පන්දුවාරයේ දී ක්‍රියාත්මක වූ කිරන් පොලාඩ් පිට පිට හයේ පහර 6ක් එල්ල කිරීමට සමත් වුණා.

එය ද අකිල ධනංජයට එරෙහිව වාර්තා වීම කැපී පෙනන සිදුවීමක්.

මීට පෙර එවැනි දක්ෂතාවයක් එක් පන්දුවාරයකදී දක්වා තිබුණේ හර්ෂල් ගිබ්ස් සහ යුවරාජ් සිං පමණයි.

තරගයේ විශේෂ අවස්ථා පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...