පැතුම් සහ අශේන්ට ජාත්‍යන්තර වරම් – කාසියේ වාසිය කොදෙව්වන්ට

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය ඇන්ටිගුවාහි Coolidge ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක සහ අශේන් බණ්ඩාර ජාත්‍යන්තර වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

එමෙන්ම කොදෙව් කණ්ඩායම වෙනුවෙන් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ද නම් කර තිබෙනවා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඇන්ජෙලෝ මැතිව්ස් විසින් මෙහෙයවනු ලබන්නේ 20යි 20 තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතව සිටි දසුන් ශානකට වීසා ලබා ගැනීමේ ගැටලුවක් නිසා මෙතෙක් එරටට ළගා වීමට නොහැකි වී ඇති බැවින්.

කණ්ඩායම් දෙක –

West Indies XI : Lendl Simmons, Evin Lewis, Chris Gayle, Nicholas Pooran(wc), Kieron Pollard(c), Jason Holder, Fabian Allen, Dwayne Bravo, Kevin Sinclair, Obed McCoy, Fidel Edwards

Sri Lanka XI : Danushka Gunathilaka, Niroshan Dickwella(wc), Pathum Nissanka, Dinesh Chandimal, Angelo Mathews(c), Ashen Bandara, Thisara Perera, Wanindu Hasaranga, Akila Dananjaya, Dushmantha Chameera, Nuwan Pradeep

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...