ශ්‍රී ලංකා – කොදෙව් තරගාවලියේ මෙරට විකාශන අයිතිය ලබා ගත් නාලිකාව මෙන්න

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය මෙරට වේලාවෙන් හෙට අලුයම ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඇන්ටිගුවාහීදී මෙම තරගය ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් අලුයම 3.30ටයි.

එම තරගය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය පුහුණු කටයුතුවල ද මේ දිනවල නිරත වෙමින් සිටිනවා. (ඡායාරූප පහතින්)

කොදෙව් තරග සංචාරය නැරඹිය හැකි ආකාරය මේ වන විට බොහෝ දෙනෙකුට පවතින ගැටලුවක්.

ජාතික රූපවාහිනී සංස්ථාවේ චැනල් අයි නාලිකාව ඔස්සේ මෙම තරග සංචාරය සජීවීව විකාශය කිරීමටයි මේ වන විට කටයුතු සූදානම් කර ඇත්තේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම කොදෙව් තරග සංචාරයේ ජාත්‍යන්තර විකාශන අයිතීන් හිමි සෙසු රූපවාහිනී නාලිකා :

ESPN+ : අමෙරිකා එක්සත් ජනපදය, BT Sport : බ්‍රිතාන්‍ය සහ අයර්ලන්තය, SuperSport : උප – සහරා අප්‍රිකාව (දකුණු අප්‍රිකාව, සිබ්බාව්වේ, නයිජීරියාව හා කෙන්යාව ඇතුළුව), Sky New Zealand : නවසීලන්තය

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...