ලෝක කුසලානයට මාලිංග ක්‍රීඩා කරයිද ? මිකී ආතර්ගේ අණාවරණය මෙන්න

Date:

ශ්‍රී ලංකා 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එළඹෙන 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලියේ දී ඇතැම්විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයකු ලෙස කටයුතු කිරීමට ඉඩ ඇති බව ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසනවා.

කොදෙව් දේශයේ සිට අදහස් දක්වමින් ඔහු සදහන් කළේ සුදු පන්දුවේ තරග සම්බන්ධයෙන් ලසිත් මාලිංග සතුව මනා දැනුම් සම්භාරයක් පවතින බවයි.

එය තරුණ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමග බෙදා ගැනීමට ඔහුට හැකියාව ඇති බව මිකී ආතර් පෙන්වා දෙනවා.

“ඔහුට ඉතාමත් අනර්ඝ ක්‍රිකට් දිවියක් තිබුණා. මම හිතන්නේ පසුගිය ලෝක කුසලානය අවලංගු කිරීම ඔහුට යම්කිසි අන්දමකට බලපෑවා” යනුවෙන් මිකී ආතර් පවසා සිටියා.

ලසිත් මාලිංග මේ වන විට ලීග් තරග පිටියෙන් සමු ගෙන සිටියද ජාත්‍යන්තර 20යි 20 ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවට මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...