බුම්රාට එක්දින තරගාවලියත් අහිමි වන ලකුණු

Date:

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ජාතික කණ්ඩායමට යළි පැමිණීම අපේක්ෂා කළ කාලයටත් වඩා වැඩි  වනු ඇති බව වාර්තා වනවා.

ඒ, එංගලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියට ද ඔහු ක්‍රීඩා නොකිරීමට ඉඩ ඇති බැවින්.

එංගලන්තයට එරෙහි තරග 5කින් යුත් 20යි 20 තරගාවලියෙන් ද බුම්රා විවේක ගැන්වීමටයි ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

නිමා වූ තෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව ඔහු පෞද්ගලික හේතුවක් මත සංචිතයෙන් ඉවත් වූ අතර, ඒ අනුව සිව්වැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කරන්නේ නැහැ.

මේ අතර, එංගලන්තයට එරෙහි 20යි 20 තරගාවලියට නම් කෙරුණු වරුන් චක්‍රවර්තී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකින් අසමත් වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුට අමතරව සංචිතයට නම් කෙරුණු තවත් ක්‍රීඩකයෙකු ද ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වී ඇති අතර, ඔවුන් දෙදෙනා ඉදිරි දිනකදී යළි ඒ සදහා මුහුණ දීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...