නවසීලන්තය ප්‍රේක්ෂකයින්ට දොර වසයි, ඔස්ට්‍රේලියා – නවසීලන්ත තරගාවලියටත් බාධා

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග 3 ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්විමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, නවසීලන්තයේ පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

මේ වන විට ඔක්ලන්ඩ් නුවර හුදෙකලා කිරීමට ද බළධාරීන් පියවර ගෙන ඇත්තේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්.

ඔක්ලන්ඩ් නුවර තෙවන අවධානම් මට්ටමේ පවතින අතර, සෙසු ප්‍රදේශ දෙවන අවධානම් මට්ටමේ පවතිනවා.

ඒ අනුව ඔක්ලන්ඩ් නුවර කිසිදු ක්‍රීඩා තරගයක් පැවැත්විය නොහැකි අතර, සෙසු ප්‍රදේශවල ප්‍රේක්ෂක සහභාගීත්වයක් නොමැතිව තරග පැවැත්වීමට සිදු වනු ඇති.

ඒ හේතුවෙන් ඔක්ලන්ඩ් නුවර පැවැත්වීමට නියමිත වූ තරග වෙලින්ටන් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මේ අතර, නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර ඔකලන්ඩ් නුවර පැවැත්වීමට නියමිත වූ ඉදිරි තරග ද වෙලින්ටන් හීදී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...